Update : විජයකලාට ඇප

by Sagarika Chathumali 08-10-2018 | 9:42 AM
COLOMBO (News 1st) :  අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නියෝග කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද උදෑසන ප්‍රකාශයක් ලබා දීම සඳහා නිතිඥවරුන් සමග ඇය පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී ඇය අත්අඩංගුවට ගත් බවයි. LTTE සංවිධානය සම්බන්ධයෙන් ඇය කළ ප්‍රකාශයට අදාළව ඇය අද දින එලෙස ඇය පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබිණ.