ලොකු ළුණු ගොවීන්ට වන්දි දෙන්නැයි, ඇමතිගෙන් උපදෙස්

ලොකු ළුණු ගොවීන්ට වන්දි දෙන්නැයි, ඇමතිගෙන් උපදෙස්

by Sagarika Chathumali 08-10-2018 | 2:11 PM
COLOMBO (News 1st) : පවතින අධික වර්ෂාව හේතුවෙන් අස්වනු හානි වී ඇති ලොකු ළුණු ගොවීන් සඳහා වන්දි ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී තිබේ. ඒ අනුව අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ, වගා හානි වී ඇති ලොකු ළුණු ගොවීන්ට හෙක්ටයාර 1කට රුපියල් ලක්ෂය බැගින් වන්දි ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.