ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Sagarika Chathumali 08-10-2018 | 7:07 AM

දේශීය පුවත්...

1. ජා-ඇල, රද්දොලුගම වෙඩි තැබීමක් : ජා-ඇල, රද්දොලුගම ප්‍රදේශයේ සිදු වූ වෙඩී තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, රාත්‍රි 9ට පමණ රද්දොලුගම නිවාස සංකීරණය ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක් අසලදී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවයි. 2. කලල්පිටියේ මාරක රිය අනතුරක් : කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කලල්පිටිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ඇතුළු දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, වැලි පටවා ගත් ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණ මුහුණ ලා ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. 3. කළු, ගිං, කැලණි ගංගාවල ජල මට්ටම් ඉහළට: දිවයිනේ කාලගුණයට බලපෑම් කළ ගිනිකොණ දිග ආරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් තිබේ.

විදෙස් පුවත්....

1. තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයට ගිය මාධ්‍යවේදියාට මොකද වුණේ…? : තුර්කියේ පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වූ සෞදි අරාබියානු මාධ්‍යවේදියා ඝාතනය කර ඇති බවට විශ්වාස කරන බව තුර්කි පොලීසිය පවසයි. ජමාල් ඛෂෝගි නමැති වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියා එලෙස ඉස්ථාන්බුල් නුවර පිහිටි සෞදි අරාබි කොන්සල් කාර්යාලයට ඇතුළු වී ඇත්තේ, පසුගිය අඟහරුවාදා දිනයේදීයි.

ක්‍රීඩා පුවත්...

1. කබීබ් නමාගොමේඩොව් UFC ලයිට් වෙයිට් ශූරතාව දිනා ගනී : යූ. එෆ්. සී හෙවත් පරම සටන්කරුවන්ගේ තරගාවලිය ලයිට් වේට් කාණ්ඩයේ ශූරතාවය තවදුරටත් තමන් සතු කර ගැනීමට වත්මන් ලයිට් වෙයිට් ශූර රුසියාවේ කබීබ් නමාගොමේඩොව් සමත් විය. ඒ, ලයිට් වෙයිට් ශූරතාවය සඳහා පැවැති තරගයේදී හිටපු ලයිට් වෙයිට් ශූර අයර්ලන්ත කෝනර් මක්ග්‍රෙගර් පරාජය කරමිනි.