ගංවතුර තත්ත්වයට විද්‍යාත්මක විසඳුම් සොයා ගම්මැද්ද කණ්ඩායම ගවේෂණයක

by Staff writer 08-10-2018 | 7:25 PM

COLOMBO (News 1st) - ඇද හැලුණු අධික වර්ශාවත් සමග බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශය ජලයෙන් යට විය.

මේ හේතුවෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 496 කි බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශය ජලයෙන් යටවී පැය 12 ක් ගත වන්නටත් මත්තෙන් ඊට විද්‍යාත්මක විසඳුම් සොයා ගම්මැද්ද කණ්ඩායම එම ජනතාව සොයා ගියේ ය. කාලගුණයෙහි ඇති වන වෙනස්වීම සමග ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කොළඹ නාගරික කලාපයේ බෙහෝ ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ. මේ අතර ඇති වන ගංවතුර හා ආපදා තත්ත්වයකදී පීඩාවට පත්වන ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණ ද ඊට නිසි විසඳුම් තවමත් ලැබී නැත. කොළඹ නාගරික කලාපයේ බොහෝ ප්‍රදේශ ඇද හැලෙන සුළු වර්ශාවකදී වුවද ජලයෙන් යටවන්නේ ඇයි? ඊට හේතු වන කරුණු සොයා පවතින අයහපත් කාලගුණය ද නොතකා ගම්මැද්ද කණ්ඩායම අද කොළඹ නාගරීක කලායේ විශේෂ සංචාරයක නිරත වුනේ ඒ පිළිබඳව විද්‍යාත්මත සොයාබැලීමක් සිදු කරමිනි. මෙම විද්‍යාත්මක පර්යේෂණය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ නගර හා ග්‍රාම නිර්මාණවේදය අධ්‍යන අංශයේ විද්‍යාතරයින් ද එක් විණි. ඔරුගොඩවත්ත හරහා කැලණි ගඟට ගලාබසින හීන් ඇළට කසළ බැහර කිරීම හේතුවෙන් ගංවතුර ඇතිවීමට බලපාන ප්‍රධාන කාරණාවක් මෙහිදී අපට නිරීක්ෂණය විණි. මෙම ප්‍රදේශය වසරකදී තුන් වතාවත් ගංවතුර උවදුරට හසුවනු ඇත. මේ හේතුවෙන් කුඩා දරුවන් නිතර රෝගී වන බව ජනතාව පවසති. මෙලෙස පීඩාවට පත් ව සිටින පවුල් 496 ක සාමාජිකයින් පැවසූවේ, ආරක්ෂිත ස්ථානයක තමන්ට නිවාස ලබා දෙන්නේ නම් ඕනෑම අවස්ථාවක මෙම ස්ථානයෙන් ඉවත්වීමට සුදානම් බවයි. මේ අතර ආරක්ෂිත ස්ථානයක රඳවා සිටින මේ ජනතාවට අද පස්වරු 4.00 වන විටත් දිවා ආහාරය ලැබී නොමැත. ඔවුන් අතර කුඩා දරුවන්න රැසක් ද වේ. කොළඹ ජල ගැලීමට හේතු සොයා ගම්මැද්ද විශේෂ පර්යේෂණ කණ්ඩායම හෙට දිනයේදීත් ක්‍රියාත්මකය.