ආසියානු පැරා:පළමු දිනයේම ශ්‍රී ලංකාවට පදක්කම් පහක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පළමු දිනයේ දී ම ශ්‍රී ලංකාවට පදක්කම් පහක්

by Nadeeshan Meedin 08-10-2018 | 4:45 PM
ඉන්දුනිසීයාවේ පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගවලිදී රන් පදක්කමක් ඇතුළුව පදක්කම් 5 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. පාදයේ කොටසක් අප්‍රාණික හෝ ආබාදයට (T42) ලක් වූ වන් වෙනුවෙන් පැවති මීටර් 200 පිරිමි ඉසව්වේ රන් රිදී ලෝකඩ පදක්කම් තුනම හිමිවූයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකුටයි. අමිල ප්‍රසන්න රන් පදක්කම දිනා ගත් අතර, ඉන්දික චූලදාස හා චරිත නිර්මල බුද්ධික පිලිවෙලින් රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගත්තේ ය. අමර ඉන්දුමතී කරුණාතිලක අතක ආබාධ සහිත (T47) ක්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැති දුර පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තාය. ඇය එහිදී මීටර් 4.62 ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූ අතර, එම ඉසව්වට ම සහභාගීවූ කුමුදු ප්‍රියංකාට සිව්වැනි ස්ථානය හිමිවිය. මේ අතර, පාදයක ආබාද සහිත වූවන් (F42-44) සඳහා වූ හෙල්ල විසිකිරීමේ තරගයෙන් රිදී පදක්කම දිනා ගැනීමට චමින්ද සම්පත් හෙට්ටි ආරච්චි සමත්විය. ඔහු එහිදී දැක්වූ දක්ෂතාව මීටර් 59.32 කි. එම ඉසව්වටම සහභාගීවූ සමිත දුලාන්ට සිව්වැනි ස්ථානය හිමි විය.