සද්ධන්තයින් තිදෙනෙකුට ජීවිත අහිමි කළ දුම්රිය අනතුර

වැලිකන්දේදී වනඅලි තිදෙනෙකු දුම්රියක ගැටී මරුට: පොළොන්නරුව දක්වා දුම්රිය ධාවනය සීමා කෙරේ

by Staff writer 07-10-2018 | 9:03 AM

COLOMBO (News 1st) - මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට පොළොන්නරුව දක්වා සීමා කර තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, මඩකලපුව සිට කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ පුනානි සහ වැලිකන්ද අතරදී වනඅලි තිදෙනෙකු දුම්රියක ගැටී ඇති බවයි. එම අනතුරින් වනඅලි දෙදෙනා මියගිය අතර දුම්රිය පිළි පැනීමකට ලක් ව තිබේ. පාලක මැදිරිය සඳහන් කළේ, දුම්රිය මාර්ගයේ පිළිගත කිරීම් ආරම්භ කර ඇති බවයි.