ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් අභියාචනා භාර ගැනේ

මෙවර ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් අභියාචනා භාර ගැනීම 20 වන දායින් අවසන්

by Staff writer 07-10-2018 | 12:49 PM

COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත පරීක්ෂාවක් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ලබන 20 වන දා තෙක් අභියාචනා ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, 3, 4 සහ 5 ශ්‍රේණිවලදී දරුවන් ලබාගත් ලකුණු ඉහළ මට්ටමක පවතීනම් පමණක් අභියාචනා ඉදිරිපත් කරන්නැයි විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බවයි. ඉදිරිපත් කරන අභියාචනා සමග විදුහල්පතිවරයා විසින් සහතික කළ ලකුණු සටහන් ද යොමු කළ යුතු බව ඔහු සඳහන් කළේ ය. මේ අතර මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පිළිබඳ පවතින ගැටලු ඉදිරිපත් කිරීම සඳහා දුරකතන අංක කිහිපයක් හඳුන්වාදී තිබේ. ඒ අනුව 1911 ක්ෂණික ඇමතුම් අංකය මගින් සහ 011 - 2 784 208, 011 -2 784 537, 011 -3 188 350, සහ 011 -3 140 314 යන දුරකතන අංක ඇමතීමෙන් ප්‍රතිඵල පිළිබඳ ගැටලු දැනුම් දිය හැකියි.