by Staff writer 07-10-2018 | 5:44 PM
COLOMBO (News 1st) : මධ්‍යම පළාත් සභාවේ නිල කාලය හෙටින් අවසන් වේ.
මැතිවරණ කොමිසමේ නිලධාරියෙකු සඳහන් කළේ, එම පළාත් සභාවේ බලය පළාත් ආණ්ඩුකාරවරයාට පැවරෙන බවයි.
මීට අමතරව ලබන 10 වන දා වයඹ පළාත් සභාවේ සහ ලබන 25 වන දා උතුරු පළාත් සභාවේ ද නිල කාලය අවසන් වීමට නියමිතව තිබේ.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී උතුරු මැද, සබරගමුව, සහ නැගෙනහිර පළාත් සභා නිල කාලය අවසන් විය.
ලබන වසරේ අප්‍රේල් මස 10 සහ 21 වන දා දකුණු පළාත් සභාව හා බස්නාහිර පළාත් සභාවල නිල කාලය අවසන් වන අතර ලබන වසරේ සැප්තැම්බර් 8 වන දා ඌව පළාත් සභාවේ නිල කාලය අවසන් වනු ඇති.
මේ අතර පළාත් සභා සීමානිර්ණ සමාලෝචන කමිටු වාර්තාව ලබා දිය හැකි දිනය, තවමත් ප්‍රකාශ කළ නොහැකි බව එම කමිටුව පවසයි.
එම කමිටුවේ සමාජිකයෙකු සඳහන් කළේ, වාර්තාව සමාලෝචනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.
මේ අතර, සීමානිර්ණ සමාලෝචන කමිටුව පක්ෂ නායක අදහස් ලබා ගැනීමට පසුගිය දා පියවර ගත්තේ ය.
ඒ අනුව ඉදිරි පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමයට පවත්වන්නැයි, සීමානීර්ණ සමාලෝචන කමිටුව හමුවේ පක්ෂ නායකයින් සිය අදහස් ප්‍රකාශ කර තිබේ.
සමාලෝචන කමිටු සමාජිකයෙකු News 1st වෙත සඳහන් කළේ, එහිදී සීමානිර්ණ වාර්තාවට අදාළව සංශෝධන රැසක් ඉදිරිපත් වූ බවයි.