බ්‍රෙට් කැවනෝ අමෙරිකානු අගවිනිසුරු ධූරයට

බ්‍රෙට් කැවනෝ අමෙරිකානු අගවිනිසුරු ධූරයට

by Staff writer 07-10-2018 | 12:14 PM

බ්‍රෙට් කැවනෝ අමෙරිකානූ අගවිනිසුරුවරයා ලෙස පත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහු අමෙරිකානු ඉහළ අධිකරණයේ 5 වන අගවිනිසුරුවරයා ලෙස දිව්රුම් දුන් බවයි. බ්‍රෙට් කැවනෝ මෙලෙස අගවිනිසුරුවරයා ලෙස පත් කර ඇත්තේ ඔහුට එරෙහිව දූෂණ චෝදනා එල්ලවී ඇති පසුබිමකදීයි. කැවනෝට එරෙහිව දැඩි විරෝධතා පවතින පසුබිමකදී ඔහු අගවිසුරුවරයා ලෙස පත්වන්නේ සෙනෙට් ඡන්ද විමසීමකින් අනතුරුවයි. එහිදී ඔහුට පක්ෂව ඡන්ද 50 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 48 කි.