by Sagarika Chathumali 07-10-2018 | 10:14 PM
COLOMBO (News 1st) : ජා-ඇල, රද්දොලුගම ප්‍රදේශයේ සිදු වූ වෙඩී තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද රාත්‍රි 9ට පමණ රද්දොලුගම නිවාස සංකීරණය ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක් අසලදී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවයි.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කොට පළාගොස් තිබේ.
තුවාලකරු රාගම රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.
තුවල ලබා ඇත්තේ සීදුව ප්‍රදේශයේ මාස 6කට පෙර සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ ය.