by Staff writer 07-10-2018 | 2:52 PM
COLOMBO (News 1st) : කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කලල්පිටිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ඇතුළු දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, වැලි පටවා ගත් ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණ මුහුණ ලා ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූවන් වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනෙකු මියගොස් තිබේ.
ඔවුන් 73 සහ 71 හැවිරිදි මක්කානිගොඩ පදිංචිකරුවන් ය.