by Staff writer 07-10-2018 | 3:28 PM
COLOMBO (News 1st) : ඇල්පිටිය වල්අඹගල උඩුවිල ඇලේ දියනෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදන්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද දහවල් තවත් සිසුන් දෙදෙනෙකු සමග මෙම සිසුවා උඩුවිල ඇළේ දියනෑමට ගොස් ඇති බවයි.
එහිදී සිසුන් තිදෙනා දියේ ගිලී ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු බේරා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකිව තිබේ.
එලෙස අතුරුදන්ව ඇත්තේ, 11 හැවිරිදි වල්අඹගල පදිංචිකරුවෙකි.
පොලිසිය සඳහන් කළේ, අතුරුදන් වූ සිසුවා සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.
ඒ සඳහා නාවික හමුදා සහය ලබා ගැනීමට ද කටයුතු කර ඇතැයි ද පොලීසිය පැවසී ය.