Update: ජල ගැලීම් හේතුවෙන් පුද්ගල මරණ 4 ක්

Update: ජල ගැලීම් හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළට

by Staff writer 07-10-2018 | 10:43 AM

COLOMBO (News 1st)

Update: අධික වර්ෂාවත් සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව කළුතර දිස්ත්‍රිකක්යේ පුද්ගල මරණ 3 ක් වාර්තා වී ඇතැයි දිස්ත්‍රික් ලේකම් යු. ඩි. සී ජයලාල් මහතා සඳහන් කළේ ය. මේ අතර ගාල්ල වදුරඹ ඌරපහළ ප්‍රදේශයේදී ජල ගැලීමට හසුවී පුද්ගලයෙකු මියගොස් ඇත. පොලීසිය සඳහන් කළේ, ඔහු ඊයේ පස්වරුවේ රාජකාරි නිමවා නිවසට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි. මියගොස් ඇත්තේ, 61 හැවිරිදි සිව්දරු පියෙකි. ඔහු ගාල්ල කරාපිටියේ පදිංචිකරුවෙක් බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. -----------------------------------------------------------------------------------------------------------------------------------------

පවතින වර්ෂාවත් සමග අත්තනගලු ඔයේ දූනමලේ සහ ගිංගඟේ බද්දේගම ප්‍රදේශය ආශ්‍රිතව ගංගා ජල මට්ටම ඉහළයාම හේතුවෙන් ජනතාව විමසිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ප්‍රදේශ කිහිපයක අතුරු මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවයි. මේ අතර අධික වර්ෂාවත් සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන් කළුතර දිස්ත්‍රිකක්යේ පුද්ගල මරණ 2 ක් වාර්තා විය. මතුගම, වෑත්තෑව ප්‍රදේශයේදී ජල පහරකට හසුවීමෙන් 42 හැවිරිදි පුද්ගලයකු මිය ගියේ ය. මීගහතැත්න, යගිරල ප්‍රදේශයේ ජලයේ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මළ සිරුර ගොඩගැනීම සඳහා නාවික හමුදා කණ්ඩායම්වල සහාය ලබාගන්නා බව පොලීසිය සඳහන් කළේ ය.