EPF අරමුදල් ලබා ගැනීමට නව ක්‍රමවේදයක්

by Staff writer 06-10-2018 | 7:01 AM

COLOMBO (News 1st) - සේවක අර්ථ සාධක අරමුදල (EPF) ලබා ගැනීම පහසු කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.