මයික් පෙන්ස්ගෙන් හම්බන්තොට වරාය ගැන ප්‍රකාශයක්

හම්බන්තොට වරාය චීන නාවික හමුදාවේ ඉදිරිපෙළ කඳවුරක් බවට පත්වනු ඇතැයි මයික් පෙන්ස් කියයි

by Staff writer 06-10-2018 | 9:40 AM

COLOMBO (News 1st) - හම්බන්තොට වරාය නුදුරේදීම චීන නාවික හමුදාවේ ඉදිරිපෙළ කඳවුරක් බවට පත්වනු ඇතැයි අමෙරිකානු උපජනාධිපති මයික් පෙන්ස් අවධාරණය කර තිබේ.

ඔහු මේ බව කියා සිටියේ, අමෙරිකානු හඩ්සන් ආයතනයේ දේශනයකට එක්වෙමිනි. අමෙරිකානු උපජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ, චීනය අනුගමනය කරනු ලබන්නේ ණය උගුල් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තියක් බවයි.