මාරවිල මූලික රෝහලේ වර්ජනය අවසන්

මාරවිල මූලික රෝහලේ වර්ජනය අවසන්

by Staff writer 06-10-2018 | 10:37 AM

COLOMBO (News 1st) - දින දෙකක් පුරා පැවති වැඩ වර්ජනය හා උපවාසය අත්හිටුවීමට මාරවිල මූලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය තීරණය කර තිබේ.

වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම, සියලු සුළු සේවකයන් මෘත ශරීර කැපීමෙන් ඉවත් කිරීම, ඇතුලු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් මාරවිල මුලික රෝහලේ සුළු සේවකයන් මේ වර්ජනය හා උපවාසය ආරම්භ කළේ පසුගිය 04 වන දා සිටයි. සේවකයන් පිරිසක් රෝහල් භූමියේ පිහිටි ජල ටැංකියට ද නැග උපවාසයක නිරත විය. ජනරජ සෞඛ්‍ය සේවක සංගමයේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායක උපාලි සදසිරි මහතා පැවසුවේ, ඊයේ 05 පස්වරුවේ වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක මොහොමඩ් ෆරීඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වෘත්තිය සමිති නායකයන්ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී පැවති සාකච්ඡාවකදී තම ඉල්ලීම් සඳහා විසඳුම් ලැබීම හේතුවෙන් වර්ජනය අත්හිටුවීමට පියවර ගත් බවයි.