බදුල්ලේ ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්

බදුල්ලේ ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්

by Staff writer 06-10-2018 | 7:41 AM

COLOMBO (News 1st) - පවතින අධික වර්ෂා තත්ත්වය යටතේ ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

එහි නායයාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පැවසුවේ, ඒ අනුව බදුල්ල, පස්සර, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එම නායයාමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව ය.