පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කෙරේ

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කෙරේ

by Staff writer 06-10-2018 | 7:34 AM

COLOMBO (News 1st) - පවතින වර්ෂාවත් සමග පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇතැයි මහවැලි අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍ර විතානගේ මහතා පැවසුවේ, පොල්ගොල්ල ජලාශය පිටාර මට්ටමට ළඟා නොවුවද ධාරිතාව ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගත් බවයි. පවතින වර්ෂාවත් සමග දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් විවෘත කර තිබේ. කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, ඒ හේතුවෙන් ජලාශය පහළ දැදුරු ඔය දෙපස නිකවැරටිය, වාරියපොල, රස්නායකපුර, කොබෙයිගනේ සහ බිංගිරිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ජනතාවට විමසිළිමත් වන ලෙසයි.