ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 06-10-2018 | 6:33 AM

දේශීය පුවත්

1. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ: 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඊයේ උදෑසන නිකුත් වූ අතර පසුගිය වසරේ මෙන් ම මෙවරත් වැඩි ලකුණු ලබාගත් සිසුන් බොහෝමයක් කොළඹින් පිටපළාත්වලවීම විශේෂත්වයකි. මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199 ක් ලබා ගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථාන දිනා ගන්නට වේයන්ගොඩ සහ පිළියන්දල සිසු දරුවන් දෙදෙනෙකු සමත් විය. ලකුණු 198 ක් ලබා ගනිමින් මෙවර දෙවන ස්ථානයට හිමිකම් කියු සිසුන් සංඛ්‍යාව 3 කි. ලකුණු 197 ක් ලබා ගත් වව්නියාව නෙළුක්කුලම් සිවපුරම් ප්‍රාථමික පාසලේ බාලකුමාර් හරිතිකන්සුජා මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ 3 වන ස්ථානය හිමිකර ගෙන ඇත. 2. අංගොඩ වෙඩි තැබීමක්: පුද්ගලයෙකු මරුට: කොළඹ – අවිස්සාවේල්ල පරණ පාරේ මුල්ලේරියාව, අංගොඩදී සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවෙකු ඔහුට වෙඩි තබා පළා ගොස් ඇති බවයි. 3. නාමල් කුමාර සහ නාලක ද සිල්වාට ලබන 08 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග: දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සහ ත්‍රස්ත විමර්ශන ඒකකය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යන මහත්වරුන්ට ලබන 08 වන දා අධිකරණය හමුව පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා ය. 4. වැසි තත්ත්වය තවදුරටත්: දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් විවෘත කෙරේ: දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර වර්ෂාවත් සමග දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් විවෘත කර තිබේ.

විදෙස් පුවත්

5. ද. කොරියානු හිටපු ජනපති ලී මූන් බක්ට වසර 15 ක සිර දඬුවම්: අල්ලස් චෝදනාවන්ට වරදකරුවෙකු වූ දකුණු කොරියානු හිටපු ජනාධිපති ලී මූන් බක්ට එරට අධිකරණයකින් වසර 15 ක සිර දඬුවමක් නියම කර තිබේ. සිර දඬුවමට අමතරව අමෙරිකානු ඩොලර් මිලියන 11 ක දඩයක් ද ඔහුට නියම කර ඇත.