by Staff writer 06-10-2018 | 8:48 PM
COLOMBO (News 1st) - අධිවේගී විදුලි දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඊයේ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් සිදු කළ පැහැදිලි කිරීමට අද එම ව්‍යාපෘති භාර අධ්‍යක්ෂවරයා අදහස් පළ කළේ ය.
එම ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂ ඇන්ටන් දේශප්‍රිය මහතා පැවසුවේ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ජනතාව නොමග යවමින් සිටින බව ය.
ඔහු සඳහන් කළේ, එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සියලු ලියකියවිලි ආයෝජන මණ්ඩලයට ලබා දී ඇති බව ය.
කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතියට ඉදිරිපත්ව ඇති ආයෝජකයින් සම්බන්ධයෙන් කිසිදු ලියවිල්ලක් ලබා දිය නොහැකි බව ඇන්ටන් දේශප්‍රිය මහතා පැවසුවේ ය.
මෙරට දේශපාලන අධිකාරිය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් පළ කළ නොහැකි බැවින් ආයෝජකයින් සම්බන්ධයෙන් ලියැවිලි ලබා දිය නොහැකි බව ඔහු සඳහන් කළේ ය.
ඊයේ ආයෝජන මණ්ඩලයේ වැඩ බලන සභාපතිවරයා ලෙස මාධ්‍ය හමුවට සහභාගී වූ මංගල යාපා මහතා මේ වන විට ආයෝජන හා සම්බන්ධ තනතුරු ගණනාවක් දරමින් සිටියි.
ආයෝජන පහසු කිරීම සඳහා පත් කර ඇති තනිකවුල කමිටුවේ සාමාජිකයෙකු වන ඔහු ආයෝන ප්‍රවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකි.
මංගල යාපා මහතා ආයෝජන ප්‍රවර්ධන හා උපාය මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ තාක්ෂණික උපදේශකයෙකු බව ද ඔහුම පවසයි.
මීට පෙර ශ්‍රී ලංකා සංවර්ධන ඒජන්සියේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස නම් කළ මේ පුද්ගයාගේ පත් කිරීම නීති විරෝධී වූයේ එම තනතුරට අදාළ පනත පාර්ලිමේන්තුවේ සම්මත නොවීම නිසා ය.
මෙම පුද්ගලයා නාවික කටයුතු සම්බන්ධ ආයතනයක ද ඉහළ තනතුරක් දැරූ අතර වසර 4 කට පෙර ඔහුගේ සේවය දීර්ඝ නොකිරීමට පියවර ගෙන තිබිණි.
මොහු කවරෙකු වුවත් ප්‍රශ්නය වන්නේ ආයෝජන මණ්ඩලයට පත් වී ගෙවුණු කාල සීමාවේ රටට ගෙනා ආයෝජන ප්‍රමාණයයි.
රට මුහුණ දී සිටින ආර්ථික ගැටලුවෙන් ගොඩඒමට ඇති ප්‍රධානතම මාර්ගය වන්නේ සෘජු විදේශ ආයෝජන වඩ වඩා ආකර්ෂණය කර ගැනීම ය.
එහෙත් ගත වූ කාලය තුළ ගෙන ආ ආයෝජන මොනවා ද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් පිළිතුරක් දිය නොහැකි බව ය.