අධිවේගි මාර්ගය භාවිතයේදී විමසිලිමත් වන්නැයි උපදෙස්

අධිවේගි මාර්ගය භාවිත කිරීමේදී විමසිලිමත් වන්නැයි රියැදුරන්ට උපදෙස්

by Staff writer 06-10-2018 | 11:33 AM

COLOMBO (News 1st) - පවතින වර්ෂා තත්ත්වය හමුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය ධාවනයේදී සැළකිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට දැනුම් දෙයි.

එහි අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා පැවසුවේ, පැයට කිලෝමීටර් 60 ක වේගයෙන් රිය ධාවනය කරන ලෙසයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම හා දොඩංගොඩ අතරදී අද පෙරවරුවේ රිය අනතුරක් සිදු ව ඇතැයි ද ඔහු පැවසුවේ ය.