by Staff writer 05-10-2018 | 6:23 AM
COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද පෙරවරුවේ නිකුත් වේ.
විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, විභාග ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව ය.
මේ අතර මෙවර සිට ශිෂ්‍යාධාර ලබා දෙන සිසුන් ප්‍රමාණය ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ශිෂ්‍යත්වලාභීන් සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ දැමීමට යෝජනා කර ඇති බව ය.
ඒ පිළිබඳව සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක් ද පත් කර තිබේ.
මේ වන විට ශිෂ්‍යාධාර ලබන සිසුන් සංඛ්‍යාව 15,000කට අධික ය.