ලක්ෂ 6 ක අල්ලස් ගත් මුත්තු විනයාගම්ට වැඩවරදී

රුපියල් ලක්ෂ 6 ක අල්ලස් ගත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිට වැඩවරදී

by Staff writer 05-10-2018 | 4:21 PM

COLOMBO (News 1st) - රුපියල් ලක්ෂ 6 ක අල්ලසක් ලබාගත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මුත්තු විනයාගම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැල්සිරිපුර ගොවිපලේ අවන්හල වසර 2 කට කුලියට ලබාදීම සඳහා සැකකරු විසින් රුපියල් ලක්ෂ 12 ක අල්ලසක් ඉල්ලා ඇති බවයි. අනතුරුව එය රුපියල් ලක්ෂ 6 කට අඩු කර අද අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ඔහුගේ කාර්යාලයේදී අත්අඩංගුවට ගත් බව ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ ය. චන්ද්‍රසිරි මහතා පැවසුවේ, අල්ලස් ලබා ගැනීමට සහාය දැක්වූ පෞද්ගලික සමාගමක ගිණුම් සහායකවරයකු ද අත්අඩංගුවට ගත් බවයි.