රටට ගෙන ආ විදෙස් ආයෝජන ගැන බලධාරීන්ගේ පිළිතුර

by Staff writer 05-10-2018 | 8:26 PM

COLOMBO (News 1st) - අදායම් ලබාදෙන විදේශීය ආයෝජනයක් වන යෝජිත අධිවේගී දුම්රිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියට ඉඩ ලබාදීම සඳහා කොමිස් මුදල් ඉල්ලු බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශය අද කරුණු පැහැදිලි කර තිබේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වැඩබලන සභාපති, මංගල යාපා
ව්‍යාපෘති ආයෝජනය ඇවිල්ලා තියෙන්නේ. දේශිය ආයතනයකින් 2015 අප්‍රේල් මාසයේ ලියාපදිංචි වුණා. ඒ ආයතනයට පෙර අත්දැකිමක් නැහැ. ව්‍යාපෘති පිළිබඳව ඔහුන් යෝජනාවේ සඳහන් කරනවා. යුරෝපයේ විවිධ රටවල ආයතනත් එක්ක විශාල සම්බන්ධයක් තියෙනවා මේ කටයුත්ත කරන්න කියලා. නමුත් දැනට ඉදිරිපත් වෙලා තියෙන ආයෝජනයට අදාළ තොරතුරු ඒ හා සාපේක්ෂව බැලුවම මෙවැනි ආයෝජන ව්‍යාපෘතියකට අනුමැතියක්දීම සඳහා අවශ්‍ය කරන තොරතුරු ඇතුළත් වෙලා නෑ, ඉතින් ඒ නිසා තමයි ආයෝජකයින්ට අපි කියලා තියෙන්නේ මේ තොරතුරු කරුණාකරලා අපිට ලබාදෙන්න කියලා. ඉතින් ඒක ලබලා දුන්නම මේ කටයුත්ත දිහා නැවත විමර්ශනය කරලා බලන්න පුලුවන්.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
මේ රටේ ප්‍රධාන අමාත්‍යවරුන් දෙදෙනෙක් සමහර වෙලාවට සමහර නම් සමහර නම් මාධ්‍යවල කියවෙලා ඇති. ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙක්. එක්කෙනෙක් බිස්නස්ෂෙයා එකක් ඉල්ලලා තියෙනවා 10 % ක්, 10% - 5% දක්වා අඩු කරගෙන තියෙනවා. දෙවෙනි එක්කෙනා ඉල්ලන්නෙ කෙළින්ම මුදල් කුට්ටියක් දෙන්න කියල. එහෙම තමයි චෝදනා ඉන්වෙස්ටර් කරන චෝදනා.
පිළිතුර,
අමාත්‍යවරුන්ගේ සහ අනිත් අයගේ දේවල් ගැන මට පිළිතුරු දෙන්න පුළුවන් කමක් නෑ. මමත් මේ ආයතනයේ වැඩ කරනනේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයෙක් හැටියට සින්ගල් වින්ඩෝ එකේ සාමාජිකයෙක් හැටියට. මේ ව්‍යාපෘති කිසිම දෙයක් සම්බන්ධයෙන් මගේ දැනුවත්කමින් මම අවුරුදු 02 ක් වෙනවා දැනට මෙතන වැඩ කරනවා. අමාත්‍යවරයෙක්ගේ හරි රාජ්‍ය අමාත්‍යවරයෙක්ගේ හරි කිසිම බලපෑමක් කිසිම අතපෙවීමක් සිද්ධ වෙන්නේ නෑ. මම මලික් සමරවික්‍රම ඇමතිතුමාටත් කතා කළා. ඔහු මට කිව්වේ මේ ආයෝජකයා කලු ද සුදු ද කවුද කියලවත් මම දන්නෙ නෑ. මොකක්ද මේ ව්‍යාපෘතිය? ඒ වගේම සුජීව සේරසිංහ රාජ්‍ය ඇමතිතුමා මට කිව්වේ ඒ ගැන‍ එතුමා නීතිමය පැත්තෙන් කරලා තියෙන චෝදනාවලට කටයුතු කරනවා කියන එක.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
ඔබතුමා ඇමතිතුමාගේ උපදේශකවරයෙක් ඔබතුමා කොහොමද ස්වාධීනයි කියලා කියන්නේ?
පිළිතුර,
ඇමතිතුමාගේ තාක්ෂණික නිලධාරියකු වුණා කියලා තව කටයුත්තක් කරන්න කිසිදු බාධාවක් නැහැ නේ.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
ඔබතුමා එතන වැඩ කරනවා නේ.
පිළිතුර,
ඔබතුමා පුදුම ප්‍රශ්නයක් නේ අහන්නේ. මම ඉල්ලා ගිහින් බලෙන් ලබා ගත්ත එකක නෙවෙයි. කැබිනට් මණ්ඩලය මගින් පත්කරපු කමිටුවක්.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
දැන් ඔබතුමා කියා ඉතාලියට ගියා කියලා ආයෝජන ප්‍රවර්ධනය කිරීමට ඔබතුමාලා ඉතාලිය වගේ තව ත් රටවල් කියකට ගියාද ගිය වසරේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්, දුමින්ද ආරියසිංහ මට එකපාර උත්තරයක් දෙන්න බැහැ. මහත්තයෝ මට සවිස්තර වාර්තවක් පස්සේ දෙන්න පුළුවන්.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
එවගෙන් කොපමණ ප්‍රමාණයක් ආයෝජන ලංකාවට ඇවිල්ලා තියෙනවා ද?
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්, දුමින්ද ආරියසිංහ
මට එකපාර කියන්න බැහැ මහත්තයෝ බලලා කියන්න පුළුවන්.
විනිමය අනුපාත කඩාවැටීම හමුවේ රටේ මතු ව ඇති ආර්ථික අර්බුදයට දිගු කාලීන විසඳුමක් ළඟා කර ගැනීමට නම් විදේශීය ආයෝජන වැඩි වැඩියෙන් රට තුළට ගෙන්වාගත යුතු වේ. ආර්ථිකය නිසි ලෙස හැසිරවීම සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බවක් පෙනෙන්නට නොමැති අතරම දේශපාලන ස්ථාවරත්වය ද ප්‍රශ්න කෙරෙන තත්ත්වයකට පත් ව ඇත. මලික් සමරවික්‍රම ඇමතිවරයා ඇතුලු කණ්ඩායමේ යුතුකම මෙන් ම වගකීම ද රටට ආයෝජන ගෙන්වා ගැනීම නොවේ ද? එහෙත් අද මේ වගකිව යුත්තන් පිළිතුරු දෙන්නේ ඒ පිළිබඳව කිසිදු වගකීමක් නොමැති ආකාරයෙන් නොවේ ද? බලලා කියන මෙවැනි නිලධාරීන් සමග රටේ ආර්ථිකයට ඉදිරි ගමනක් තිබේ ද?