ඉන්ධන සහනාධාර ලබාදිය නොහැකි බව අමාත්‍යාංශය කියයි

ඉන්ධන සඳහා සහනාධාර ලබාදිය නොහැකියි - ඛනිජ තෙල් අමාත්‍යාංශය අවධාරණය කරයි

by Staff writer 05-10-2018 | 5:57 PM

COLOMBO (News 1st) - ඉන්ධන සඳහා සහනාධාර ලබාදීමට කිසිදු හැකියාවක් නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, මේ වන විට ඉන්ධන සඳහා පමණක් මාසිකව රුපියල් බිලියන 4 ක අතිරේක වැයක් දැරීමට සිදුවන බවයි. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණයවීම හමුවේ අතිරේකව වැය කිරීමට සිදුවන එම මුදල තවදුරටත් ඉහළ යා හැකි බව ද ලේකම්වරයා පැවසීය. ඉන්ධන මිල සුත්‍රයට අනුව ඩීසල් සහ පෙට්‍රල් මිල යළි ඉහළ යාමත් සමග ඒ සඳහා සහනාධාර ක්‍රමයක් හඳුන්වාදෙන්නැයි, බස් සංගම් හා ධීවරයින් ඇතුලු ප්‍රවාහන ක්ෂේත්‍රයේ පාර්ශව රජයෙන් ඉල්ලා සිටි.