අංගොඩ වෙඩි තැබීමක්: පුද්ගලයෙකු මරුට

by Staff writer 05-10-2018 | 4:29 PM

COLOMBO (News 1st) - කොළඹ - අවිස්සාවේල්ල පරණ පාරේ මුල්ලේරියාව, අංගොඩදී සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවෙකු ඔහුට වෙඩි තබා පළා ගොස් ඇති බවයි. වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයාගේ සිරුර මුල්ලේරියාව රෝහලේ තැන්පත් කර ඇත. 33 හැවිරිදි එම පුද්ගලයා තාරක ඉරෝෂණ පෙරේරා ලෙස හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඔහු කලපළුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.