ලී මූන් බක්ට වසර 15 ක සිර දඬුවම්

ද. කොරියානු හිටපු ජනපති ලී මූන් බක්ට වසර 15 ක සිර දඬුවම්

by Staff writer 05-10-2018 | 4:54 PM

අල්ලස් චෝදනාවන්ට වරදකරුවෙකු වූ දකුණු කොරියානු හිටපු ජනාධිපති ලී මූන් බක්ට එරට අධිකරණයකින් වසර 15 ක සිර දඬුවමක් නියම කර තිබේ.

සිර දඬුවමට අමතරව අමෙරිකානු ඩොලර් මිලියන 11 ක දඩයක් ද ඔහුට නියම කර ඇත. අපරාධ චෝදනාවන්ට අධිකරණය හමුවේ වරදකරු වූ 4 වැනි දකුණු කොරියානු ජනාධිපතිවරයා ඔහුය. නඩු විභාගය රූපවාහිනිය ඔස්සේ සජීවිව විකාශය කෙරුණු අතර අධිකරණය නිගමනය කළේ, ඔහුගේ සහෝදරයාගේ නමින් පවත්වාගෙන ගිය සමාගමේ නිල නොලත් හිමිකරු වන්නේ හිටපු ජනාධිපති ලී මූන් බක් බවයි. ලී මූන් බක් 2008 වසරේ සිට 2013 වසර දක්වා දකුණු කොරියානු ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ ය. හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අධිචෝදනා 16 ක් ගොනුකර තිබූ අතර බලය අයුතු ලෙස භාවිත කිරීම සහ අල්ලස් ගැනීමේ චෝදනා ඒ අතරට අයත් ය. විත්තිකාර හිටපු ජනාධිපතිවරයාට එරෙහිව 20 වසරක සිර දඬුවමක් පනවන ලෙස නීතිවේදීන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.