හික්කඩුවේදී ලොරියක් දුම්රියක ගැටෙයි

හික්කඩුවේදී ලොරියක් දුම්රියක ගැටෙයි

by Staff writer 04-10-2018 | 4:22 PM
COLOMBO (News 1st) - හික්කඩුව සහ තිරාණගම දුම්රිය ස්ථාන අතර හරස් මාර්ගයකදී ලොරි රථයක් දුම්රියක ගැටී තිබේ. මාතර සිට මහනුවර බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ එලෙස ලොරි රථය ගැටී තිබේ. පොලීසිය සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ ගමන් කළ දෙදෙනෙකු රෝහල්ගත කළ බව ය. මේ හේතුවෙන් හික්කඩුවේ සිට මාතර දක්වා ධාවනය වන සියලු දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.