වකුගඩුවක තිබූ කිලෝ 2 ක ගලක් සැත්කමකින් ඉවත් කෙරේ

පුද්ගලයෙකුගේ වකුගඩුවක තිබූ කිලෝ 2 ක් බරැති ගලක් සැත්කමකින් පසු ඉවත් කෙරේ

by Staff writer 04-10-2018 | 12:11 PM

COLOMBO (News 1st) - පුද්ගලයෙකුගේ වකුගඩුවේ තිබූ කිලෝග්‍රෑම් 2 ක් පමණ බරැති ගලක් සැත්කමකින් ඉවත් කිරීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු පිරිසක් ඊයේ සමත් විය.

එම සැත්කම සිදු කර ඇත්තේ, එම රෝහලේ විශේෂඥ ශල්‍යවෛද්‍ය සී. අර්වින්දන් මහතා ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසකි. අනුරාධපුර නොච්චියාගම, දිවුල්වැව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකුගේ වකුගඩුවේ මෙම ගල තිබූ බව විශේෂඥ වෛද්‍ය සී. අර්වින්දන් මහතා පැවසුවේ ය. සර්පයෙකු දෂ්ට කිරීම හේතුවෙන් අදාළ පුද්ගලයා රෝහල්ගත කර ඇති අතර එහිදී කළ ස්කෑන් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ වකුගඩුවේ විශාල ගලක් පවතින බවයි. වෛද්‍ය සී. අර්වින්දන් මහතා ප්‍රකාශ කළේ, වකුගඩුවේ හා මුත්‍රාශයේ ගල් ඇතිවීම පාලනය සඳහා ජලය වැඩිපුර පානය කිරීම අත්‍යවශ්‍ය බවයි.