කොළඹ මහ නගර සභාවේ වන ලිංගික හිංසන සෙවීමට කමිටුවක්

කොළඹ මහ නගර සභාවේ සේවිකාවන්ට සිදුවන ලිංගික හිංසන ගැන සෙවීමට කමිටුවක්

by Staff writer 04-10-2018 | 7:12 AM

COLOMBO (News 1st) - කොළඹ මහ නගර සභාවේ සේවිකාවන්ට එහි ඉහළ නිලධාරීන්ගෙන් සිදුවන බව කියන ලිංගික හිංසන සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා කියා සිටියේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ෂර්මිලා ගෝනවෙල මහත්මියගෙන් ලද පැමිණිල්ලක් මත ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට තීරණය කළ බවයි. ඒ අනුව නීතිඥයෙකු, විශ්‍රාමලත් විනිසුරුවරයෙකු සහ කාන්තා පාර්ශවය නියෝජනය වන පරිදි නිලධාරිණියක් ඇතුලු කමිටුවක් හරහා කොළඹ මහ නගර සභාවේ සේවිකාවන්ට ඉහළ නිලධාරීන්ගෙන් ලිංගික හිංසන සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් මූලික විමර්ශන වාර්තාවක් ලබා ගැනීමට නියමිත ය. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා සඳහන් කළේ, ලිංගික හිංසන සිදු වූ බවට මීට පෙර කොළඹ මහ නාගර සභාවේ සේවිකාවන්ගෙන් තමන්ට කිසිදු පැමිණිල්ලක් නොලැබුණු බවයි.