එළවළු මිල පහළට

එළවළු මිල පහළ යාමෙන් ප්‍රදේශ රැසක ගොවීන්ට දුෂ්කරතා

by Staff writer 04-10-2018 | 12:35 PM

COLOMBO (News 1st) - එළවළු තොග වැඩි වශයෙන් සැපයීම හේතුවෙන් දඹුල්ල විශේෂීත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල සීඝ්‍රයෙන් පහත වැටී තිබේ.

මේ හේතුවෙන් දෛනිකව අපතේ යන එළවළු ප්‍රමාණය ටොන් 50 කට අධික ය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි, මෑකරල්, කැකිරි, මඤ්ඤොක්කා, බතල, බටු, බණ්ඩක්කා, වට්ටක්කා ඇතුලු එළවළු වර්ග රැසක මිල ගණන් ඊයේ වාර්තාගත අයුරින් පහත වැටී තිබුණි. ඒ අනුව ඊයේ දිනයේ කැකිරි සහ තක්කාලි කිලෝග්‍රෑමයක් රුපියල් 10 - 15 ත් අතර මිලකට අළෙවි වී තිබේ. වට්ටක්කා කිලෝග්‍රෑමයක් අළෙවි වී ඇත්තේ රුපියල් 15 - 20 ත් අතර මිලකටයි. මෑකරල් රුපියල් 20 - 25 ත් අතර මිලකටත් බටු, බණ්ඩක්කා, පතෝල, කරවිල, රුපියල් 25 - 35ත් අතර මිලකට අළෙවි වී ඇති බව වාර්තා වේ. දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසුවේ, මෙලෙස අපතේ යන එළවළු තොග වන අලීන්ගේ ආහාරය සඳහා දිගම්පතහා රජයේ රක්ෂිතයට ගෙනවිත් දමන බව ය.