උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කරන්නැයි උපදෙස්

උතුරු නැගෙනහිර ඉඩම් දෙසැම්බර් 31ට පෙර නිදහස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

by Staff writer 04-10-2018 | 4:50 PM
COLOMBO (News 1st) - උතුරු හා නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම දෙසැම්බර් 31 වනදාට පෙර අවසන් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. ඒ, උතුරු - නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා පත් කළ කාර්ය සාධක බලකාය ඊයේ පස්වරුවේ 3 වන වරටත් රැස්වූ අවස්ථාවේදී ය. විධිමත් කාල රාමුවක් සකසා ගනිමින් අදාළ වැඩපිළිවෙළ දියත් කරන ලෙස ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය. එහි ප්‍රගතිය ලබන මාසයේ පැවැත්වෙන උතුරු - නැගෙනහිර කාර්ය සාධක බලකායට ඉදිරිපත් කරන්නැයි ද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දී තිබේ. අදාළ ප්‍රදේශවල සන්නද්ධ බලකායන් යටතේ පවත්නා පාසල්වලට අයත් ඉඩම් සහ ගොඩනැගිලි නිදහස් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. ඊට අමතරව ත්‍රිකුණාමලයේ ජල හිඟය, කිලිනොච්චියේ නියඟය මෙන්ම අක්කරෙයිපත්තුවේ ජනතාවට ජලය බෙදා හැරීම ක්‍රමවේද විධිමත් කිරීම සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමුව තිබේ.