සහල් සඳහා යළිත් පාලන මිලක් පනවයි

සහල් සඳහා යළිත් පාලන මිලක් පනවයි

by Staff writer 03-10-2018 | 7:19 AM
COLOMBO (News 1st) - සහල් සඳහා යළිත් පාලන මිලක් පැනවීමට ජීවන වියදම් අනු කමිටුව තීරණය කර තිබේ. ජීවන වියදම් කමිටුවේ සාමාජික හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු කිරීමේ හා කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ අලෙවි, ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ ප්‍රධානී දුමින්ද ප්‍රියදර්ශන මහතා සඳහන් කළේ, ඒ අනුව නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 88කටත් සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 108ක් ලෙස පාලන මිලක් නියම කළ බව ය. විවිධ නම්වලින් වෙළෙඳපොළේ විකිණීමට ඇති සියලු සම්බා හා නාඩු සහල් සඳහා මෙම පාලන මිල නියම කර ඇති බව ද ඔහු පැවසුවේ ය. අදාළ පාලන මිල ගණන් මේ සතිය තුළ ක්‍රියාත්මක කරන බව ද දුමින්ද ප්‍රියදර්ශන මහතා ප්‍රකාශ කළේ ය.