මෙවර භෞ. විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය කාන්තාවකට

වසර 55කට පසු භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය කාන්තාවකට

by Staff writer 03-10-2018 | 1:46 PM
(News 1st) - වසර 55කට පසු ප්‍රථම වරට භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයෙන් කාන්තාවක පිදුම් ලැබුවා ය. එලෙස නොබොල් ත්‍යාගයෙන් පිදුම් ලබා ඇත්තේ, කැනඩා ජාතික ආචාර්යවරියක වන ඩොනා ස්ට්‍රික්ලන්ඩ් ය. ඇයට අමතරව අමෙරිකානු ජාතික ආචාර්ය ආතර් ඈෂ්කින් සහ ප්‍රංශ ජාතික ජෙරාඩ් මවුරෝ යන දෙදෙනා අතර ද මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය බෙදී යනු ඇති. ලේසර් භෞතික විද්‍යා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔවුන් කළ සොයා ගැනීම් හේතුවෙන් මෙවර නොබෙල් ත්‍යාගය සමව ඔවුන්ට ලබා දීමට නොබෙල් ත්‍යාග කමිටුව තීරණය කර තිබේ. මීට පෙර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය දිනා ගත් කාන්තාවන් වූයේ 1903 වසරේදී එම ත්‍යාගය හිමි වූ මාරි කියුරි සහ 1963 වසරේදී එම ත්‍යාගය දිනා ගත් මාරියා ගොපර්ට් මේයර් යන දෙදෙනා යි.