by Staff writer 03-10-2018 | 10:23 PM
COLOMBO (News 1st) : බේරුවල පන්නිල ප්‍රදේශයේදී අද රාත්‍රි 8.20 ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, යතුරු පැදියකින් යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇති බවයි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 26 හැවිරිදි තරුණයා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.