ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 03-10-2018 | 7:01 AM
COLOMBO (News 1st)  1. දුම්රිය ගාස්තු 15%කින් වැඩි කළ බවට ප්‍රකාශයට පත් වුවද ඊට වැඩි ප්‍රතිශතයකින් දුම්රිය ගාස්තු ඉහළ ගොස් ඇතැයි මගීහු චෝදනා කරති. 2. ණය ආපසු ගෙවීම ඇතුළු ලබන වසරේ අයවැය පරතරය පියවීම සඳහා රුපියල් බිලියන 1944ක ණය ලබා ගැනීමට සිදු වන බව මුදල් අමාත්‍යංශය පවසයි. 3. අම්බලන්තොට වලේවත්ත මාමඩල ප්‍රදේශයේදී 17 හැවිරිදි තරුණියක පැහැර ගෙන යාම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. 4. සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අතිපූජ්‍ය අලුත්ගම ශ්‍රී ධම්මානන්ද හිමියෝ ඊයේ අලුයම අපවත් වූහ. 5. රුපියල ආරක්ෂා කර ගැනීම සඳහා මේ වසර තුළ අමෙරිකානු ඩොලර් මිලියන 184ක් විනිමය වෙළෙඳපොළට මුදාහැරිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. විදෙස් පුවත් 6. ඉන්දුනීසියාවේ සුම්බා දූපතේ වෙරළාශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 6.0ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබේ.