ඉන්දුනීසියාවේ සුනාමි තත්ත්වයෙන් 1350 දෙනෙකු මරුට

ඉන්දුනීසියාවේ හටගත් සුනාමි තත්ත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 1350 දක්වා ඉහළට

by Staff writer 03-10-2018 | 6:47 AM
(News 1st) - ඉන්දුනීසියාවේ සුලාවේසි දූපතට බලපෑ භූ කම්පනයෙන් සහ ඉන් අනතුරුව හටගත් සුනාමියෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 1350ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ආපදාවෙන් විපතට පත් වූ පුද්ගලයින් ආහාර, පානීය ජලය සහ ඖෂධ සොයා වෙළෙඳ සල් මංකොල්ල කෑමට යොමුවීම හමුවේ ඉන්දුනීසියා පොලීසිය සිය ආරක්ෂක රැකවල් තර කර ඇති බව ය. විපතට පත්වූවන් වෙත සහනාධාර රැගෙන පැමිණෙන මානුෂවාදී රථ පෙළවලට ද පොලිස් සහ හමුදා ආරක්ෂාව ලබා දීමට පියවර ගෙන තිබේ. මේ අතර තවමත් පුද්ගලයින් භූ චලනයේ සුන්බුන්වලට සිරව සිටින බවට බිය පළ වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.