ලංකාවේ නවතම තේ සන්නාමය 'අපේ තේ' එළිදැක්වේ

ලංකාවේ නවතම තේ සන්නාමය 'අපේ තේ' එළිදැක්වේ

by Staff writer 02-10-2018 | 9:45 PM
COLOMBO (News 1st) - ලංකාවේ නවතම තේ සන්නාමය 'අපේ තේ' අද එළිදැක්විය. වසර 106ක කැපිටල් මහරාජා සංවිධානයේ තේ ක්‍රියාන්විතයේ නවතම සාමාජිකයා අද එළිදැක්වුණේ රත්මලාන ස්ටයින් ස්ටුඩියෝහිදී ය. කැපිටල් මහරාජා සමූහයට අයත් ජෝන්ස් ටී ලංකා තේ අපනයන ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් තැබූ සන්නාමයකි. ඒ.එෆ්. ජෝන්ස් තේ ලෙසින් මැදපෙරදිග, දකුණු අමෙරිකාව සඳහා වසර 107ක සිට අපනයනය කෙරෙන මේ සුවිශේෂී තේ සන්නාමය අද සිට අපේ තේ ලෙසින් දේශීය වෙළෙඳපොළට පැමිණෙන්නේ ඉහළම ප්‍රමිතියෙන් යුත් තේ සන්නාමය ලෙසිනි. අද මෙම අවස්ථාවට කැපිටල් මහරාජා සංවිධානයේ ඉහළ කළමනාකාරිත්වය අපේ තේ දේශීය බෙදාහැරීම් සිදුකරන අයි.සී.එල්. සාමාජිකයෝ එක්ව සිටියහ.