පෙම්වතා අවි පෙන්වා 17 හැවිරිදි පෙම්වතිය පැහැර ගනී

පෙම්වතා අවි පෙන්වා 17 හැවිරිදි පෙම්වතිය පැහැර ගනී

by Staff writer 02-10-2018 | 4:17 PM
COLOMBO (News 1st) - අම්බලන්තොට වලේවත්ත මාමඩල ප්‍රදේශයේදී 17 හැවිරිදි තරුණියක පැහැර ගෙන යාම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අද අලුයම තරුණියගේ නිවසට පැමිණි 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගිනිඅවි සහ තවත් ආයුධ පෙන්වා තරුණිය පැහැර ගෙන ගිය බවට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව ය. පැහැර ගැනීමට පැමිණි පිරිස මේ වන විට හඳුනා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය. ඇය කලෙක සිට ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇති අතර ඇයගේ පෙම්වතා විසින් තරුණිය පැහැර ගෙන ගොස් ඇති බවට සිදු කර ඇති පරීක්ෂණවලදී අනාවරණය වූ බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.