by Staff writer 02-10-2018 | 10:07 AM
COLOMBO (News 1st) : ගත වූ පැය කිහිපය තුළ වැඩි ම වර්ෂාපතනය රත්මලාන ප්‍රදේශයෙන් වාර්තා වේ.
එම අගය මිලිමීටර් 133.4කි.
කොළඹට මිලිමීටර් 67 . 6 ක වර්ෂාපතනයක් ද කුරුණෑගලට මිලිමීටර් 47 ක වර්ෂාපතනයක් ද ලැබී ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ණ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේ, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මීගමුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළුවීමට වැඩි හැකියාවක් පවතිනු ඇති.
දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ ක්‍රියාකාරි වළාකුළු පද්ධතියක් වර්ධනය වී ඇති අතර එය ඉදිරි පැය කිහිපය තුළ සක්‍රියව පවතිනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.