ඉන්දුනීසියාවට ඔබ්බෙන් මුහුදේ යළි ත් භූ කම්පනයක්

ඉන්දුනීසියාවට ඔබ්බෙන් මුහුදේ යළි ත් භූ කම්පනයක්

by Sagarika Chathumali 02-10-2018 | 6:39 AM
COLOMBO (News 1st) : ඉන්දුනීසියාවේ සුම්බා දූපතේ වෙරළාශ්‍රිතව භූ කම්පනයක් හටගෙන තිබේ. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතන පවසන්නේ, එහි ප්‍රබලත්වය  මැග්නිටියුඩ් ඒකක 6.0ක් ලෙස සටහන් ව ඇති බවයි. කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි මෙතෙක් වාර්තා වී නොමැත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, භූ චලනයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි. මේ අතර භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. මේ අතර ඉකුත් සිකුරාදා ඉන්දුනීසියාවේ සුලාවේසි දූපතේ හටගත් භූ කම්පනයක් හටගත් අතර ඉන් ඇති වූ සුනාමි තත්ත්වයෙන් පුද්ගලයන් 844 දෙනෙකුට අධික සංඛ්‍යාවකට ජීවිත අහිමි විය. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පසුගිය දා ඇති වූ සුනාමියෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.