අලුත්ගම ශ්‍රී ධම්මානන්ද හිමියෝ අපවත් වෙති

අතිපූජ්‍ය අලුත්ගම ශ්‍රී ධම්මානන්ද හිමියෝ අපවත් වෙති

by Staff writer 02-10-2018 | 12:07 PM
COLOMBO (News 1st) : සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අතිපූජ්‍ය අලුත්ගම ශ්‍රී ධම්මානන්ද හිමියෝ අද අලුයම අපවත් වූහ. අතිපූජ්‍ය අලුත්ගම ශ්‍රී ධමානන්ද හිමියන් අපවත් වී ඇත්තේ, මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අපවත්වන විට උන්වහන්සේ 103 වන වියේ පසුවූහ. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය සම්බන්ධයෙන් අද සවස රැස්වන ආදාහන කමිටුවෙදී තීරණය කිරීමට නියමිතයි. දේහය මේ වන විට මහනුවර පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබේ.