දුම්රිය ගාස්තු 15% ඉක්මවා ඉහළ ගිය බවට චෝදනා

දුම්රිය ගාස්තු 15% ඉක්මවා ඉහළ ගිය බවට ජනතාවගෙන් චෝදනා...

by Staff writer 02-10-2018 | 10:10 PM
COLOMBO (News 1st) - දුම්රිය ගාස්තු 15%කින් වැඩි කළ බවට ප්‍රකාශයට පත් වුවද ඊට වැඩි ප්‍රතිශතයකින් දුම්රිය ගාස්තු ඉහළ ගොස් ඇතැයි මගීහු චෝදනා කරති. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ සිට නව සංශෝධිත දුම්රිය ගාස්තු ක්‍රියාවට නැංවූ අතර එය පැවති ගාස්තුව මෙන් 15%ක වැඩි වීමක් බව බලධාරීහු ප්‍රකාශ කළහ. නමුත් ඊයේ සිට නව ගාස්තු සංශෝධනයට මුහුණ දුන් මගීන් පෙන්වා දෙන්නේ, අදාළ ගාස්තු සංශෝධනය 15% සීමාව ඉක්මවා සිදුව ඇති බව ය.