හලාවතට බලපෑ තද සුළඟකින් නිවාස රැසකට හානි

හලාවතට බලපෑ තද සුළඟකින් නිවාස රැසකට හානි

by Staff writer 01-10-2018 | 7:32 PM

COLOMBO (News 1st) - හලාවත, ආණමඩුව ඇතුලු ප්‍රදේශ හරහා අද පස්වරුවේ හමා ගිය තද සුළඟකින් නිවාස රැසකට හානි සිදු ව තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඒ. එම්. ආර් අලහකෝන් මහතා සඳහන් කළේ, මාර්ග අවහිර වන පරිදි ගස් කඩා වැටීම් ද වාර්තා වන බවයි. මේ වන විට අවහිර වී ඇති මාර්ග යථාතත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. මේ අතර දිවයින හරහා විශේෂයෙන් වයඹ, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල පවතින වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම පළාත්වලට සවස් කාලයේදී මිලිමීටර් 100 - 150 ත් අතර තද වැසි ඇතිවිය හැකි බවයි.