by Staff writer 01-10-2018 | 4:46 PM
COLOMBO (News 1st) - ළමා අයිතිවාසිකම් සහ වරප්‍රසාද පිළිබඳව මෙන්ම ළමයින්ට සමාජයෙන් එල්ලවී තිබෙන අභියෝග පිළිබඳ වගකිව යුතු පාර්ශවයන්ගේ දැඩි අවධානය යොමුවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, ගාල්ල, බලපිටිය රේවත ජාතික පාසැලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට අද පෙරවරුවේ සහභාගි වෙමිනි.
දරුවන්, රටේ වගකීම් භාර ගන්නා පුරවැසියන් බවට පත්වන බැවින් නැණවත් මෙන්ම ගුණවත් දරුවෙකු නිර්මාණය කිරීමට කැපවීම සියලු දෙනාගේ වගකීමක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.
දරුවන් පිළිබඳ කටයුතු කිරීමට රජයේ ආයතන රැසක් ස්ථාපිත කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ එම සියලු කටයුතුවල ප්රතිලාභ දරුවන්ට හිමි විය යුතු බවයි.
පාසැල් අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු රජයක් වෙන් නොකළ ආකාරයේ විශාල මුදලක් වත්මන් රජය වෙන් කර ඇතැයි ද ජනාධිපතිතුමා මෙහිදි ප්‍රකාශ කළේ ය.