මාලදිවයින් හිටපු ජනපති ඇප මත නිදහස්

මාලදිවයින් හිටපු ජනපති ඇප මත නිදහස්

by Staff writer 01-10-2018 | 11:14 AM
රාජ්‍ය විරෝධි චෝදනා මත සිරගත කර සිටි මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් ඇප මත නිදහස් කිරිමට එරට අධිකරණය පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සිය සහෝදරයා වූ හිටපු ජනාධිපති අබ්දුල් යමින්ගේ ආණ්ඩුව විසින් ගෙන ගිය විපක්ෂය මර්දනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඔහු මෙලෙස සිරගත කර සිටි බවයි. කෙසේ වෙතත් මාලදිවයින් නව රජයේ සඳහන් කළේ, සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගන්නා බවයි. පසුගිය දා පැවැති මාලදිවයින් ජනාධිපතිවරණයෙන් එරට ජනාධිපති අබ්දුල් යමින් පරාජය කරමින් ඉබ්බ්‍රාහම් මොහොමඩ් සෝලි ප්‍රමුඛ විපක්ෂ සන්ධානය ජයගත්තේ ය.