එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට

by Staff writer 01-10-2018 | 10:42 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් අද අලුයම දිවයිනට පැමිණියහ. එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය එළඹෙන 10 වන දා ආරම්භ වේ. ඊට එක්දින තරග 5 ක් එක් පන්දුවාර 20යි 20 තරගයක් හා ටෙස්ට් තරග 3 ක් ඇතුළත් ය. මෙම තරගාවලිය වාර්තා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම මෙරටදී මෙම වසරේ සහභාගී වන අවසන් තරගාවලිය ලෙසයි. තරගාවලිය අරඹමින් දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන 10 වන දා දිවා රාත්‍රී තරගයක් ලෙස රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ජොස් බට්ලර් , ආඩිල් රශීඩ් , මොයින් අලී , මාක් වුඩ් , ක්‍රිස් වෝක්ස් හා ලියම් ප්ලන්කට් ඇතුළු පිරිසක් මෙලෙස අද අලුයම දිවයිනට පැමිණියහ. ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන අනෙකුත් එංගලන්ත ක්‍රීඩකයින් අද සවස 3.45 ට දිවයිනට පැමිණිමට නියමිතයි. එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ සියලු තරග සිරස ටීවී ඔස්සේ සජීව ලෙස විකාශය වේ.