අපරික්ෂාකාරී විදුලි පරිහරනය මරු කැඳවයි.

අපරික්ෂාකාරී විදුලි පරිහරනය මරු කැඳවයි.

by Staff writer 01-10-2018 | 5:03 PM
අන්තරාකාරීබව නොදැන අපරික්ෂාකාරීව විදුලිය පරිහරනය ඉතා භයානක වේ.  ඔස්ට්‍රේලියාව වැනි දියුණු රටක, වසරකට සිදුවන විදුලි මරන සංඛ්‍යාව 20කි. තවද ඉංදියාව වැනි දියුණු වෙමින් පවතින රටක වසරකට සිඳුවන විදුලි මරන ප්‍රමාණය 10,000 කට ආසන්න ප්‍රමාණයක් වේ. ශ්‍රී ලංකාවතුල වසරකට සිදුවන විදුලි මරණ ප්‍රමානය 100 කට ආසන්න වේ. සංවර්ධිත රටක් හා සසඳනවිට ශ්‍රී ලංකාව තුල සිඳුවන විදුලි මරන සංඛ්‍යාව තවදුරටත් අඩු කරගත හැකි බව පැහැදිලිවේ. ශ්‍රී ලංකාවේ 2008 වසරේ සිට 2017 දක්වා වාර්ෂිකව වාර්තාවූ විදුලි මරණ සංඛ්‍යාවන් පහත පරිදි වේ. පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කර ඇත.
  • නීතිවිරෝධීලෙස විදුලිය ඇදීම්
    1. 1A- නීති විරෝධී ලෙස (හොරෙන්) විදුලි රැහැන් මගින් විදුලිය ලබාගැනීම
    2. 1C- සතුන් දඩයම් කිරීමට, වගා ආරක්ෂා කිරීමට අදින අනාරක්ෂිත නීතිවිරෝධී විදුලි රැහැන් හේතුවෙන්
  • අනාරක්ෂිත පරිසරයක වැඩකිරීම
    1. 2A- පළුදුවූ, කැඩුනු විදුලි උපකරන භාවිතය
    2. 2B- නිවසින් පිටතට අනාරක්ෂිත ලෙස අදින ලද විදුලි රැහැන්
    3. 2C- බිම පතිතවී ඇති විදුලි රැහැන් ඇල්ලීම
    4. 2D- ගොඩනැඟිලි රැහැන් (වයරින්) කිරීමේදී ප්‍රමිතියකින් තොරව අනාරක්ෂිත ලෙස සිඳු කිරීම
  • අත්වැරදීම් සහ නොසැලිකිලිමත්කම නිසා සිදුවූ අනතුරු
    1. 3A- විදුලි රැහැන් ආශ්‍රිතව ක්‍රියාකාරකම්
    2. නිවසේ සිදුකරනලද කුඩා ප්‍රමානයේ අළුත්වැඩියා කටයුතු
    3. විදුලි උපකරණ සම්බන්ධකිරීමෙදී සහ විසංධිකිරීම්
  • සේවා සපයන ආයතන මඟින් ආරක්ෂණ ක්‍රියාපටිපාටි නිසි පරිදි අනුගමනය කර නොතිබීම
විදුලිය මඟින් සිඳුවන ජීවිතහානි අවම කරගමු
  • නීති විරෝධීව (හොරෙන්) විදුලිය ලබාගැනීම දුටුවහොත් ලඟම වූ පොලිස් ස්ථානයට, විදුලිබල මණ්ඩලයට, ලෙකෝ ආයතනයට හෝ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත දැනුම් දීම.
  • ඔබේ දරුවා දැනුවත්කර විදුලි රැහැන් ආශ්‍රිත ක්‍රීයාකාරකම් වලින් ඈත් කර තබා ගැනීමට වග බලාගන්න.
  • මසකට වරක්වත් ට්‍රිප් ස්විචයේ ටෙස්ට් බොත්තම ඔබා එය නිසි පර්දි ක්‍රියා කරනවාදැයි පරීක්ෂාකර බැලීම.
  • නිසි පළපුරුද්දක් සහ වෘතීය නිපුණතාවයකින් යුත් විදුලි කාර්මිකයකුගේ සේවය ලබාගැනීම
  • ප්‍රමිතියට අයත් විදුලි උපාන්ග, විදුලි උපකරණ සහ කොටු හැඩයේ විදුලි පේනු සහ කෙවෙනි හැම විටම භාවිතාකරන්න.
ශ්‍රි ලංකාව තුල සිදුවන විදුලි අනතුරු අතර පසුගිය වසරේ ඉහලින්ම වාර්තාවන්නේ නීතිවිරෝධී ලෙස විදුලිය ලබාගැනීම මඟින් සිදුවී ඇති ජීවිත හානි වේ. ගිය වසරේ මේ ආකාරයට මියගිය සංඛ්‍යාව 40 කට ආසන්න වේ. නීති විරෝධීව (වංචනිකව) විදුලිය ලබාගැනීම දණ්ඩනීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ දඩුවම් ලැබෙන වරදක් වන අතර, මෙවැනි අවස්ථාවක යමෙකුට විදුලිය වැදී අනතුරක් සිදුවුවහොත් එය නොසිළිකිලිමත් කමින් සිදුකරනලද මනුෂ්‍ය ඝාතන්යක් ලෙස සැලකේ. ඊට අමතරව 2017 වසරේ දත්ත විශ්ලේශනයට අනුව වැඩි මරන සංඛ්‍යාවක් වාර්තාවී ඇති තවත් නීති විරෝධී ක්‍රියාවක් වන්නේ සතුන් දඩයම් කිරීමට සහ වගා ආරක්ෂාවට විදුලි රැහැන් ඇදීම නිසා ඒවායේ ගැටී සිඳුවූ මරණයි. මෙම නීතී විරෝධී ක්‍රියාව නිසා බොහොඉවිට අනතුරට පත්වන්නේ මෙම මර උගුල් ඇති බව නොදත් කුඩා දරුවන්ය. ඔබේ වගකීම වන්නේ මෙවන්නක් දුටුවහොත් වහාම ලඟම වූ පොලිස් ස්ථානයට, විදුලිබල මණ්ඩලයට, ලෙකෝ ආයතනයට හෝ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත දැනුම් දීමයි. තවද විදුලි අනතුරුවල ලක්වන අය අතර බහුලව කුඩා දරුවන් වාර්තාවීම ඛේදනීය තත්තවයක්. විශේෂයෙන් මෙවැනි නිවාඩු කාල සීමාවන් තුලදී දරුවන් එළිමහනේ ක්‍රීඩා කරනවිට විදුලි රැහැන් අසල ක්‍රීඩා කිරීමෙන් වැලැක්වීම වැඩිහිටි ඔබගේ වගකීමයි. සරුංගල් යැවීමේදී විදුලි රැහැන් අන්තුරුවලින් දරුවන් මියගිය අවස්ථා ගනනාවක් වාර්තාවී ඇත. එමෙන්ම විදුලි රැහැන් ආශ්‍රිත ගස්වල වූ ඵල කැඩීමට යාමේදී (කෙකි, ගසට නැග ) සිදුවූ අනතුරු බොහොමයක් වාර්තාවී ඇත. හැකි පමණ ඔබේ දරුවා දැනුවත්කර මෙවැනි ක්‍රීයාකාරකම් වලින් ඈත් කර තබා ගැනීමට වග බලාගන්න. ශ්‍රී ලංකාව තුල සිඳුවන ගෘහාශ්‍රිත විදුලි අනතුරු බොහොමයක් සිඳුවන්නේ නිවසේ විදුලි පද්ධතියේ අනිවාර්ය කොටසක් වන ට්‍රිප් ස්විචය සවිකර නොතිබීම, සවිකර ඇති  ට්‍රිප් ස්විචය ක්‍රියා නොකිරීම හෝ නිවසක විදුලි පද්ධතියකට සුදුසු මිලි ඇම්පියර් 30 සංවේදීතාවකට වඩා වැඩි සංවේධීතාවක් සහිත ට්‍රිප් ස්විච නිවාසවල් සවිකර තිබීමයි. ශ්‍රි ලංකාවතුල සිඳුවන ගෘහාශ්‍රිත විදුලි මරන ප්‍රමාණය ඉහල යාමට හේතු මොනවාද? ශ්‍රී ලංකාව තුල විදුලි බල කර්මාන්තය නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ පරීක්ෂන අංශයේ අධ්‍යක්ෂ නිලන්ත සපුමානගේ මහතාගේ අදහස් ශ්‍රී ලංකාව තුල සිදුවන විදුලි මරණවලට ප්‍රධානම හේතු කිහිපයක් තිබේ. ඉන් ප්‍රධානතම හේතුව නිවසේ විදුලි පද්ධතියේ වැදගත්ම අංගය වන ට්‍රිප් ස්විචය නොමැති වීමයි. අප සිදුකල සමීක්ෂණ හා නිරීක්ෂණ අනුව වසරකට සිදුවන ගෘහාශ්‍රිත විදුලි මරන වලින් 50% කින් අඩුකර ගැනීමට නිසිපරිදි ක්‍රියාකරන ට්‍රිප් ස්විචයකට හැකියාව තියෙනව. සමහර නිවාසවල විදුලි පද්ධතියට ට්‍රිප් ස්විචය සවිකර නැහැ.. මෙය විදුලි කාර්මීකරනය පිළිබඳ නිසි දැනුමක් නැති විදුලි කාර්මිකයන් අතින් සිඳුවන බරපතල වරදක්. මීට අමතරව සුදුසුකම් නොලත් විදුලි කාර්මිකයෙකු ලවා නිවස රැහැන්ගත කර ගැනීම ඉතාම අන්තරාදායක කාරනයක්. නිසි ආරක්ෂ්ක ක්‍රමවේද ගැන අවබෝධයක් නැති විදුලි කාර්මිකයින් මිලි ඇම්පියර් 30ට වඩා වැඩි සංවෙදීතාවක් ඇති නිවසකට නොසුදුසු ට්‍රිප් ස්විච් නිවසට සවිකරනවා. මේ අවස්ථාවක විදුලි කාන්දුවක් සිඳුවුවත් ට්‍රිප් සිවිචය ක්‍රියාත්මක නොවේ. ඔබේ වගකීම වන්නේ නිසි පළපුරුද්දක් සහ වෘතීය නිපුනතාවක් ඇති විදුලි කාර්මිකයෙකු ලවා නිවස රැහැන් ගතකර ගැනීමයි. තවත් හේතුවක් තමයි සවිකල ට්‍රිප් ස්විචය නිසි පරිදි ක්‍රියා නොකිරීමයි. ඔබ නිවස තැනීමේදී සවිකරන ට්‍රිප් ස්විචය කාලයත් සමඟ අක්‍රීය වීමේ හැකියාවක් පවතිනවා. මේ නිසා ඔබකල යුත්තේ මසකට වරක්වත් ට්‍රිප් ස්විචයේ ටෙස්ට් බොත්තම ඔබා එය නිසි පර්දි ක්‍රියා කරනවාදැයි පරීක්ෂාකර බැලීමයි. ගෘහාශ්‍රිතව සිදුවන අනතුරු වලට තවත් එක හේතුවක් තමයි ප්‍රමිතියෙන් තොර විදුලි උපාංග නිවාසවල භාවිතය. මේවා අතරට විදුලි දිගු (Extensions), කැට (Multi Plugs), අඩු ප්‍රමිතියෙන් යුත් පේනු (Plugs) හා කෙවෙනි (Socket). ශ්‍රී ලංකාවේ සිඳුවන ගිනි ගැනීම් අනතුරු බොහොමයක් සිඳුවන්නේ මෙවැනි ප්‍රමිතියෙන් තොර උපාංග නිසා සිඳුවන විදුලි කාන්දුවීම් මුල්කරගෙනයි. ගෘහාශ්‍රිත විදුලි අනතුරු වැලැක්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විශේෂ ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒවා පහත පරිදි වේ
  1. විදුලි පේනු සහ කෙවෙනි සඳහා ජාතික ප්‍රමිතියක් ක්‍රියාවට නැංවීම
  2. විදුලි කාර්මිකයන් බලපත්‍රකරන යාන්ත්‍රණය හඳුන්වාදීම
  3. විදුලිබල සේවා සපයන ආයතනවල සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂණ සහ තාක්ෂණ කලමනාකරන සැළැස්මක් හඳුන්වාදීම