පහළ වායුගෝලය යළි කැළඹෙයි

පහළ වායුගෝලය යළි කැළඹෙයි

by Staff writer 30-09-2018 | 5:41 PM
COLOMBO (News 1st) : දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් හෙට සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල ද මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වල ද මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය. ගත වූ පැය 24ක කාලය තුළ වැඩි ම වර්ෂාපතනය වූ මිලිමීටර 109 වාර්තා වූයේ, කුරුණෑගල ප්‍රදේශයෙනි. බණ්ඩාරවෙල ප්‍රදේශයට මිලිමීටර 81.2ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර කටුගස්තොටට වාර්තා වී ඇති වර්ෂාපතනය මිලිමීටර 73.3කි. මේ අතර ඇද හැළුණු අධික වර්ෂාවත් සමග ඊයේ බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇත. ජල ගැලීම් හේතුවෙන් වගා රැසකට ද හානි සිදුව තිබිණ. බදුල්ල හාලිඇල ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ද ඊයේ ජලයෙන් යට වී තිබිණ.