රට තුළ ඉදිරියේදී වාහන හිඟයක්...

රට තුළ ඉදිරියේදී වාහන හිඟයක් - කල්බදු පහසුකම්වලට පැනවූ කොන්දේසිවලට වාහන ආනයනකරුවන්ගේ දැඩි විරෝධය

by Staff writer 30-09-2018 | 7:11 AM

COLOMBO (News 1st) - ඉදිරියේදි වාහන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ, රුපියල අවප්‍රමාණයවීම වැළැක්වීමට රජය අද සිට ක්‍රියාත්මක කරන නව රෙගුලාසි හේතුවෙන් ය. වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් රට තුළ වාහන හිඟයක් ද ඇති විය හැකි බවයි. වාහන සඳහා කල්බදු පහසුකම් ලබා ගැනීමේදී පනවා ඇති නව කොන්දේසිවලට තම සංගමයේ දැඩි විරෝධය පළ කරන බව සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය. ඔහු සඳහන් කළේ, වාහන කල්බදු සඳහා පනවා ඇති මෙම නව කොන්දේසි හේතුවෙන් රට තුළ අභ්‍යන්තර මුදල් සංසරණ ක්‍රියාවලියට බලපැම් එල්ලවීමෙන් වාණිජ බැංකු, අළෙවිකරුවන් සහ කල්බදු සමාගම් දැඩි අර්බුදයකට පත්විය හැකි බවයි.